Friday, April 1, 2011

කප් එක ආයෙම ගේමු අපි.......

අද 2011 අප්‍රේල් 02 වෙනිදා. වෙන වචන වලින් කියනවනම් ලංකාවේ ක්‍රීඩා වංශකතාවේ වැදගත්ම දවසක්. මං මේක ලියන්න පටන් ගන්න කොට ඒ කියන්නෙ දැන් වෙලාව පාන්දර 1.20. ඒ නිසා අද දවසේ වෙන්න තියෙන දේවල් ගැන හිතේ බලාපොරොත්තු පුරවගෙන ඉන්න වෙලාවක් තමයි මේ.

වැඩි විස්තර කියන්න දෙයක් නෑනෙ. කවුරුත් දන්නවනෙ අද දවසෙ වැදගත් කම. දෙවන වතාවටත් ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානය ගෙන එන දවස තමයි අද.

මේතරම් වැදගත් දෙයක් වෙන්න යන දවසෙ අපි පසුගිය ලෝක කුසලාන තරඟ ගැන වැදගත් විස්තර ටිකක් හොයල බලමු.

මුලින්ම ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියක් පැවැත්වුනේ 1975. ඊට පස්සෙ පිලිවලින් 1979, 1983, 1987, 1992, 1996, 1999, 2003, 2007 අවුරුදු වලදි ලොක කුසලාන පැවැත්වුනා. විශේෂත්වය වෙන්නෙ මේ එක අවස්ථාවකදිවත් අවසන් මහා තරඟය පැවැත්වූ රට ලෝක කුසලානය දිනල නෑ. මේ පාරත් ඒක එහෙමම වේවි.

ඒ වගේම මෙච්චර කල් පැවැත්වුන අවසන් මහා තරඟ 9 දි ශතක රැස් කරල තියෙන්නෙ ක්‍රීඩකයො 5 දෙනෙක් විතරයි. (1975 දි ක්ලව් ලොයිඩ්, 1979 දි විව් රිචඩ්සන්, 1996 දි අරවින්ද ද සිල්ව, 2003 දි රිකී පොන්ටින්, 2007 දි ඇඩම් ගිල්ක්‍රිස්ට්). ඒ හැම අවස්ථාවකදිම ශතකය රැස් කල ක්‍රීඩකය හිටිය කණ්ඩායම ලොක කුසලානය දිනුවා. ඒ කියන්නෙ මේ පාර cup එක දිනන්න කරන්න තියෙන්නෙ බොහොම simple දෙයක්. අපේ team ඒකේ කවුරු හරි කෙනෙක් 100 ක් ගහන එක :D.

මේ තාක් කල් තිබුන ලොක කුසලාන තරඟාවලි වලදි වැඩිම ලකුණු එකතුව ලබාගෙන තියෙන්නෙ සචින් තෙන්ඩුල්කාර්. වැඩිම කඩුලු ලබාගෙන තියෙන්නෙ ඹ්ස්ට්‍රේලියාවෙ ග්ලේන් මැග්‍රා. ඒත් අද තරඟයෙදි අපේ සුපිරි දඟ පන්දු යවන්නා මුරලි තව wickets 3 ක් ගත්තොත් ඒ වාර්තාවත් මුරලිට හිමි වෙනවා. මුරලිට ඒ වාර්තවත් හිමිකරගෙන ලොක කුසලානයත් අපට හිමිකර දෙමින් සමුගන්න ලැබේවායි පතමු.

ඒ වගේම අපේ විශ්මිත වේගපන්දු යවන්නා වාස්, අද තරඟයට ක්‍රීඩා කලත් නැතත් ඹබටත් ජයග්‍රාහී සමුගැනීමකට වාසනාව උදාවේවා !

මේ කුසලානය වෙනුවෙන් තරඟ වැදිල ඉන්න රටවල් දෙක අරගෙන බැලුවොත් එහෙම ඉන්දියාවෙ වර්‍ග ප්‍රමාණය ලංකාව වගේ 50 ගුණයක් ඉන්දියාවෙ ජනගහනය ලංකාව වගේ 60 ගුණයක්. ඒත් අපිට වඩා 50 ගුණයක් ලොකු ඉන්දියවෙන් ඹවුන්ගෙ කණ්ඩායමට ලැබෙනව වගේ දස දහස් ගුණයක ශක්කියක් අපේ පුංචි රටෙන් අපේ ක්‍රිකට් විරුවන්ට ලැබෙනව. ඒ වගේම මිලියන 1200 ක් වෙන ඉන්දියානුවන්ගෙන් ලැබෙන ආශිර්වාදයට වඩා අපේ එක ශ්‍රී ලාංකිකයෙකුගෙන් ලැබෙන ආශිර්වාදය ඉතා බලවත්. අපි ගනනින් මිලියන 20 ක් වුනත් අපේ ශක්තිය, අපේ ආශිර්වාදය, අපේ ජවය ඹවුන්ගේ මිලියන 1200 ටම වඩා හුඟක් බලවත්. ඒ වගේම අපි කවදාවත් අපේ කණ්ඩායම අතහැර යන්නෙ නෑ. තරඟයක් පරාජය උනා කියල ක්‍රීඩකයන්ව හෙලා දකින ගෙවල් ගිනිතියන ජාතියක් නෙවෙයි අපි. අපේ සිංහ විරුවණේ ඹබට අද තරඟයෙන් ජයගන්න ඒ සත්‍ය බලයම ඇති. අපේ මිනිසුන්ගේ හිත්වල තියෙන ගැම්ම සිරැරේ තියෙන හයිය අපි ඹවුන්ට පෙන්වමු. අපි ප්‍රමාණයෙන් කුඩා වුනත් ශක්තියෙන් ජවයෙන් අසම සම බව අද දවස නිම වීමට පෙර ඹවුන්ට පසක් කරවමු. අපේ විරුවණි ඹබට ජය............

ප.ලි.
ඹබේ facebook, twitter account වල profile picture එකට Sri Lanka cricket ලාංඡනය යොදාගෙන අපි එකාවන්ව අපේ කණ්ඩායම පසුපස සිටින බව ලොවටම පෙන්වමු