Wednesday, February 23, 2011

සතයක්වත් වියදම් කරන්නේ නැතුව ජංගම දුරකථනයට cricket updates ගන්න

බ්ලොග් එකක් හදල හා හා පුරා කියල දාන්න පෝස්ට් එකක් හදාගෙන ගියත් තවම ඒක ඉවර කර ගන්න ලැබුනෙ නෑ. ඒත් මේ දවස් වල මාත් ඇතුලුව ලංකාවෙ හැමෝටම එකසිය ගානට ක්‍රිකට් උන නිසාත් ඒ අතරින් හුගක් අය ක්‍රිකට් updates mobile phone එකට එකට ගෙන්න ගන්න සෑහෙන ගානක් වියදම් කරන නිසාත් මට හිතුන free cricket updates ගන්න මං හොයාගත්ත ක්‍රමයක් පලවෙනි පොස්ට් එක විදියට දාන්න. :)  මේක මගේ පළවෙනි පොස්ට් එක නිසා කියවල හොඳ නරක කියල comment එකක් දාල යන්න !!!

මේ ක්‍රම‍යෙදි updates වලට සත පහක් වත් වියදම් වෙන්නෙ නෑ. ලංකාව හරි වෙන ඕනම රටක් හරි ගහන ඕනම මැච් එකක ඕවර් 5 න් 5ට updates,  "Mobitel" හරි "Dialog" හරි connection එකක් තියෙන ඕනම phone එකකට SMS විදියට ගෙන්න ගන්න පුලුවන්. මං මුලින් කරන්න ඕන ටික කියන්නම්. ඒ ටිකෙන් කර ගන්න පුලුවන් කෙනෙතුට ඊට පහල තියෙන ටික බලන්න ඕන වෙන්නෙ නෑ. 

මේකෙදි කරන්නෙ Twitter account එකක් හදල ඒකෙන් mobile phone එකට notification එන්න set කරන එක. ඊට පසසෙ  කියන එක follow කරල එකේ  Tweets phone එකට එන්න set කරන එක. එකෙන් ලංකාවට අදාල cricket news Tweet කරනව. ඒ වගේම ලංකාව ගහන හැම මැච් එකකම ඕවර් 5න් 5ට score  එක tweet කරනව. phone එකට notification එන්න set කරල තියෙන හින්ද tweets ඔක්කොම SMS විදියට phone  එකට එනවා.

මේ ටික කියවල වැඩේ මීටර් උනේ නැත්නම් මේ steps ටික පිලිවලට කරන්න. 

step 1.
මේක කරන්න Twitter account එකක් හදාගන්න ඕන. Twitter account එකක් තියෙනව නං මේ step එක අත ඇරල ඊලග එකට යන්න. නැත්තං මේ ටික කරල Twitter account එකක් හදාගන්න වෙනවා. :(
Twitter කියන්නෙත් ඔය හැමෝම ඉන්න Facebook වගේම එකක් තමයි. ඒත් මේක ලංකාවෙ එච්චරම ජනප්‍රිය නෑ. මේ ලින්ක් එකෙන් http://twitter.com/ ගිහිල්ල sign up වෙන්න. මුලින් basic information ටික දීල, දැනට වැඩිය දේවල් කරන්නෙ නැතුව පහල තියෙන screen එක එනකං next හරි skip හරි කරගෙන යන්න. 




step 2.
ඊලගට ඒ screen එකේ දකුණු පැත්තෙ අංක 2 යටතේ තියෙන "setup mobile notifications" click කරාම පහල තියෙන screen එක එනවා. ඒකෙන් phone එකට notification එන්න set කරන්න. සතයක්වත් යන්නෙ නෑ කිව්වට මේක කරන්න එකම එක පාරක් එකම එක message එකක ගාන යනවා. :D






මේක කරන විදිය ඒ site එකේ එල කිරි වගේ කියල තියෙනව. ඒ නිසා මම කරන විදිය කියන්න යන්නෙ නෑ.

step 3.
ඊලගට  "hyperlink එක click කරල හරි මේ ටික ( http://twitter.com/#!/vCricketSL )  browser එකේ address bar එකට copy paste කරල හරි  එකට යන්න. දැං පහල screen එකේ mark කරල තියෙන button එක click කරල  එක follow කරන්න. කෙනෙත් හරි group එකක් හරි follow කරාම ඒ අය දාන news (Tweets), facebook status වගේම අපේ screen එකේ පෙන්නනවා.







step 4.
දැං කරන්න තියෙන්නෙ තව එක වැඩයි. ඒ  එකේ tweets, mobile phone එකට එන්න set කරන එක. ඒකට කරන්න තියෙන්නෙ පහල screen එකේ mark කරල තියෙන button එක click කරන එක විතරයි.





      ඔන්න වැඩේ ගොඩ...... :)
    මේ SMS එන එක නවත්තන්න ඕන නං කරන්න තියෙන්නෙ කලින් click කරපු button එකම ආයෙත් click කරන්න විතරයි.

    vCricketSL වගේ තවත් follow කරන්න පුලුවන් ඒව ගොඩක් තියෙනවා. හැම රටේම වගේ ක්‍රිකට් එකේ team වලට මේ වගේ එකක් තියෙනවා. ඕන නම් එවත් follow කරල මේ වගේම SMS එවන්න හදන්න පුලුවන්. ඒත් වැඩියම SMS එන්න ගත්තම ඒක වාතයක් වෙනවා. ඒ නිසා ලංකාව විතරක් follow කරන එක තමයි හොද. ඒ වගේම films, actors, arts, science, technology අනිත් fields වලටත් මේ වගේ follow කරන්න ඒවා තියෙනවා.

    මේක මගේ පළවෙනි පොස්ට් එක නිසා කියවල හොඳ නරක කියල comment එකක් දාල යන්න අමතක කරන්න එපා !!!!!
    lankeeya sithuwili